මාර්තු 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” පෙරවදන සහ 1වෙනි පරි. 1-9 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 5-9 (විනා. 8යි)
අංක 1: 1 සාමුවෙල් 6:10-21 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: කොච්චර ප්‍රශ්න ආවත් යෝතම් දෙවිට කීකරුව හිටියා—w12 12/1 30-31 පි. (විනා. 5යි)
අංක 3: ගැලවුම්කරු විදිහට යේසුස් ඉටු කළ අනාවැකි—igw 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ඕනෑම යහපත් ක්‍රියාවක් කරන්න සූදානම් වෙලා ඉන්න.’—තීත. 3:1.
විනා. 10: ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තායිවානයේදී. 2014 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 3-6 පිටුවල තියෙන ලිපියෙන් සාකච්ඡාවක්. ලිපියේ සඳහන් ප්‍රචාරකයන් විදේශ රටකට යන්න සූදානම් වුණේ කොහොමද? ඔවුන්ට ලැබුණේ මොන ආශීර්වාදද?
විනා. 20: “සේවයේ දක්ෂ වීමට සඟරා මාර්ග ඇති කරගන්න.” සාකච්ඡාවක්. ලිපිය සාකච්ඡා කළාට පස්සේ සඟරා මාර්ගයක් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න විදිහ කෙටියෙන් නිරූපණය කරන්න. ඊටපස්සේ සඟරා මාර්ගයක් තියෙන කෙනෙක්ව කැඳවන්න. ඔහුට සඟරා මාර්ග කීයක් තියෙනවාද? ඒ හැම එකකටම සූදානම් වෙන්නේ කොහොමද? හොඳ අත්දැකීම් තියෙනවා නම් ඒ ගැනත් අහන්න.
ගීතිකා අංක 101 සහ යාච්ඤාව