මාර්තු 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 126 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 26-28 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 1-4 (විනා. 8යි)
අංක 1: 1 සාමුවෙල් 2:30-36 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ගැලවුම්කරු ගැන බයිබලයේ කලින්ම කියා තිබුණේ මොනවාද?—igw 10 පි. (විනා. 5යි)
අංක 3: අපි දෙවියන්ගේ නම පාවිච්චි කරන්න ඕනේ ඇයි?—w13 1/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ඕනෑම යහපත් ක්‍රියාවක් කරන්න සූදානම් වෙලා ඉන්න.’—තීත. 3:1.
විනා. 10: ‘ඕනෑම යහපත් ක්‍රියාවක් කරන්න සූදානම් වෙලා ඉන්න.’ මාසයේ තේමාව මත පදනම් කතාවක්. හිතෝපදේශ 21:5, තීතස් 3:1 සහ 1 පේතෘස් 3:15 කියවලා සාකච්ඡා කරන්න. හොඳින් සූදානම් වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. මේ මාසයේ සේවා රැස්වීමේ සමහර කොටස් මාසයේ තේමාවට අදාළ වෙන විදිහ කෙටියෙන් කියන්න.
විනා. 10: සේවා පාසැල මෙහෙයවන්නා එක්ක සාකච්ඡාවක්. ඔබේ පැවරුමට ඇතුළත් මොනවාද? හැම සතියකම පාසැල පවත්වන්න ඔබ සූදානම් වෙන්නේ කොහොමද? ශිෂ්‍යයන් තමන්ගේ පැවරුම්වලට හොඳින් සූදානම් වෙන්න ඕන ඇයි? සබයේ ඉන්න අය රැස්වීමට එන්න කලින් තොරතුරු කියවලා එන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
විනා. 10: “සිහි කිරීමට ඔබ සූදානම්ද?” සාකච්ඡාවක්. 2013 මාර්තු ‘රාජ්‍ය සේවාවේ’ 2වෙනි පිටුවේ තොරතුරුත් කෙටියෙන් සලකා බලන්න. සිහි කිරීමට ආපු කෙනෙක්ව පිළිගන්න විදිහ නිරූපණයකින් පෙන්වන්න.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව