දෙසැම්බර් 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 15වෙනි පරි. 13-20 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 12-15 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: අපිට භාර දීලා තියෙන “යහපත් දේ” අනිත් අය එක්ක බෙදාගමු.—මතෙ. 12:35අ.
විනා. 20: බයිබල් ශිෂ්‍යයන්ට හා ඔබේ දරුවන්ට “යහපත් දේ” උගන්වන්න. (මතෙ. 12:35අ) සාකච්ඡාවක්. ශිෂ්‍යයන්ගෙන් හා දරුවන්ගෙන් බලාපොරොත්තු විය යුතු දේ පෙන්වන්න 1 කොරින්ති 13:11; 1 පේතෘස් 2:2, 3 යොදාගන්න. ‘පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවල් රස බලන්න’ කියන එකේ අදහසත් ඒක කරන්න ඒ අයට උදව් කරන්න පුළුවන් විදිහත් කියන්න. මාක් 4:28 තියෙන ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න. (2014 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 12 පි. 6-8 ඡේ. බලන්න.) ශිෂ්‍යයෙක්ට හෝ දරුවෙක්ට දියුණු වෙන්න උදව් කරපු විදිහ ගැන කියන්න අද්දැකීම් ලත් ප්‍රචාරකයෙක්ව හෝ දෙමව්පියෙක්ව කැඳවන්න.—එෆී. 4:13-15; 2014 මැයි ‘රාජ්‍ය සේවාවේ’ ප්‍රශ්න පෙට්ටිය බලන්න.
විනා. 10: “ආගන්තුක සත්කාරය පෙන්වන්න (මතෙ. 12:35අ).” සාකච්ඡාවක්. ආගන්තුක සත්කාරය පෙන්වපු නිසා සමහරු ලැබුව ප්‍රයෝජන හෝ අද්දැකීම් මොනවාද? අනිත් අයටත්, විශේෂයෙන්ම පූර්ණකාලීන සේවකයන්ටත් ආගන්තුක සත්කාරය පෙන්වන්න පුළුවන් විදිහ අහන්න. බයිබල් දේශන දෙන්න එන අයට ආහාර වේලක් දෙන්න කරපු සැලසුම් ගැන කියන්න.
ගීතිකා අංක 124 සහ යාච්ඤාව