දෙසැම්බර් 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 32 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 15වෙනි පරි. 7-12 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 9-11 (විනා. 10යි)
අංක 1: යොෂුවා 9:16-27 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ‘දෙවිව නොපෙනුණත් ඔහු ගැන අවබෝධයක් ලබාගත හැකියි’—w13 8/1 11 පි. (විනා. 5යි)
අංක 3: “දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය”—w13 9/1 13 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: අපිට භාර දීලා තියෙන “යහපත් දේ” අනිත් අය එක්ක බෙදාගමු.—මතෙ. 12:35අ.
විනා. 5: ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ කියන සඟරාව ඉදිරිපත් කරන්න. සාකච්ඡාවක්. 8වෙනි පිටුවේ තියෙන යෝජනාව නිරූපණය කරන්න. ඊටපස්සේ, මේ විෂය ප්‍රදේශයේ ඉන්න සමහර අයගේ සිත්ගන්නේ මොන හේතු නිසාද කියලා අහන්න.
විනා. 25: “උගන්වන විදිහ දියුණු කරගන්න 2015 සේවා පාසැල අපිට උපකාරයක්.” සේවා පාසැල මෙහෙයවන සහෝදරයා කරන සාකච්ඡාවක්. සමහර ඡේද සලකා බලන්න කලින් කියවන්න සැලසුම් කරන්න ඔහුට පුළුවන්. පැවරුම් අංක 1, බයිබල් විශේෂාංග සඳහා වෙන් කරපු කාලය හා පාසැල මෙහෙයවන කෙනා දෙන උපදෙස් ගැන කරපු වෙනස්කම් ගැන කියන්න. 7වෙනි ඡේදය කියවන්න. ඒක සාකච්ඡා කළාට පස්සේ වැඩිමහල්ලෙක්, භාර්යාව සහ දරුවා එක්ක ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන පොතේ 14වෙනි පිටුවේ තියෙන කරුණු සාකච්ඡා කරන විදිහ නිරූපණය කරන්න. පාසැලෙන් ලැබෙන පුහුණුවෙන් හා ‘සේවා පාසැල්’ පොතෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා හැමෝවම දිරිගන්වන්න.
ගීතිකා අංක 117 සහ යාච්ඤාව