නොවැම්බර් 17න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 62 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 14වෙනි පරි. 1-7 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 23-27 (විනා. 10යි)
අංක 1: ද්විතීය කතාව 25:17–26:10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අනික් අය ඔයාට වෙනස් විදිහට සලකනවාද?—w11 6/1 26, 27 පි. (විනා. 5යි)
අංක 3: ‘ඔබ මේ දේවල් බිලිඳුන් වැනි අයට හෙළි කළා’—w13 1/1 9 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: “සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?” (1වෙනි කොටස) “අපේ දුක දෙවියන්ට දැනෙනවාද” කියන කොටස මත පදනම් සාකච්ඡාවක්. (jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.) මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. (1) ඔයා විශ්වාස කරන්නේ මොනවාද? ඒ ඇයි? (2) දුෂ්ට දේවල්වලට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි කියලා හබක්කුක් 1:13 පැහැදිලි කරන්නේ කොහොමද? (3) 1 පේතෘස් 5:7 කියන විදිහට අපේ හැම ප්‍රශ්නයක් ගැනම යාච්ඤා කරන්න කියලා යෙහෝවා අපිට කියන්නේ ඇයි?
විනා. 10: ප්‍රේමය අපිව හඳුනාගන්න ගුණාංගයක්. (යොහ. 13:35) ‘2014 වාර්ෂික පොතේ’ 48වෙනි පිටුවේ 1වෙනි ඡේදයේ සිට 49වෙනි පිටුවේ 3වෙනි ඡේදය සහ 69වෙනි පිටුවේ 1වෙනි ඡේදයේ සිට 70වෙනි පිටුවේ 2වෙනි ඡේදය මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන අදහස් දක්වන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: “මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමේ කදිම ක්‍රමයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ජනයා ගැවසෙන ජනාකීර්ණ නගරවල සාක්ෂි දරන්න යොදා ඇති සැලසුම් ගැන අහන්න සේවා සංවිධායකව කැඳවන්න. ලැබුව අද්දැකීම් ගැන සභාවෙන් අහන්න.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව