සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2014 ඔක්තෝබර් 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.
ගණන් කතාව 21:5 කියන විදිහට ඊශ්‍රායෙල්වරු දෙවිටත් මෝසෙස්ටත් විරුද්ධව මැසිවිලි නැඟුවේ ඇයි? ඒකෙන් අපිට දෙන අනතුරු ඇඟවීම මොකක්ද? [සැප්. 1, w99 8/15 26-27 පි.]
බාලාම්ට විරුද්ධව දෙවි හොඳටම උදහස් වුණේ ඇයි? (ගණන්. 22:20-22) [සැප්. 8, w04 8/1 27 පි. 2 ඡේ.]
ගණන් කථාව 25:11 කියන විදිහට පිනෙහාස්ට තිබුණේ මොන වගේ උද්‍යෝගයක්ද? අපිට කොහොමද පුළුවන් ඔහුව අනුකරණය කරන්න? [සැප්. 8, w04 8/1 27 පි. 4 ඡේ.]
නිහතමානිකම ගැන මෝසෙස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ගණන්. 27:5, 15-18) [සැප්. 15, w13 2/1 5 පි.]
මොන විරුද්ධවාදිකම් ආවත් ඕනම කෙනෙකුට දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්න පුළුවන් කියලා යොෂුවා සහ කාලෙබ් ඔප්පු කෙරුවේ කොහොමද? (ගණන්. 32:12) [සැප්. 22, w93 11/15 14 පි. 13 ඡේ.]
විවාහය ගැන හිතන තනිකඩ ක්‍රිස්තියානීන්ට ෂෙලොපෙහාද්ගේ දූවරුන් දෙවිට දක්වපු කීකරුකම ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (ගණන්. 36:10-12) [සැප්. 29, w08 2/15 4-5 පි. 10 ඡේ.]
දෙවිට විරුද්ධව මැසිවිලි නඟපු හා අනිත් අයව අධෛර්යය කරවන දේවල් කියපු ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වුණේ මොකක්ද? ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ද්වි. 1:26-28, 34, 35) [ඔක්. 6, w13 8/15 11 පි. 7 ඡේ.]
දෙවිගේ ආශීර්වාද ලබාගෙන පොරොන්දු දේශයේ සතුටින් ජීවත් වෙන්න නම් ඊශ්‍රායෙල්වරුන්ට ඉටු කරන්න තිබුණ වගකීම් දෙක මොකක්ද? (ද්වි. 4:9) [ඔක්. 13, w06 6/1 29 පි. 15 ඡේ.]
පාළුකරයේ තැනින් තැන ගමන් කරපු කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟගේ ඇඳුම් පැළඳුම් දිරා ගියේ නැහැ. කකුල් ඉදිමුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද? (ද්වි. 8:3, 4) [ඔක්. 20, w04 9/15 26 පි. 1 ඡේ.]]
යෙහෝවා දෙවි “මතම රඳා සිටින්න” කියලා ඊශ්‍රායෙල්වරුන්ට දුන්න උපදෙස අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද? (ද්වි. 13:4, 6-9) [ඔක්. 27, w02 10/15 16, 17 පි. 14 ඡේ.]