ඔක්තෝබර් 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 112 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 13වෙනි පරි. 1-7 ඡේ. (විනා.30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 7-10 (විනා. 10යි)
අංක 1: ද්විතීය කතාව 9:15-29 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා දෙවි අසාධාරණයට කැමති නැහැ—w12 8/1 27 පි. (විනා. 5යි)
අංක 3: “මා යෙහෝවා දෙවි බව පිළිගන්න සියලු ජාතීන්ට සිදු වනු ඇත”—w12 9/1 21 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 15: “1914 ගැන අපේ විශ්වාසය පැහැදිලි කරමු.” සාකච්ඡාවක්. ලිපියේ තියෙන ප්‍රශ්නවලට උත්තර සබයෙන් අහන්න.
විනා. 15: 1914 ගැන අපේ විශ්වාසය පැහැදිලි කරන්න උදව් වෙන වගුවක්. විනාඩි 7ක නිරූපණයකින් පටන්ගන්න. ඒකට දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකිය දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ වෙන ආකාරය 2014 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 11වෙනි පිටුවේ තියෙන වගුව යොදාගෙන ප්‍රචාරකයෙක් බයිබල් ශිෂ්‍යයෙකුට පැහැදිලි කරන විදිහ පෙන්වන්න. ඒක සාර්ථකයි කියලා කියන්න තියෙන හේතු අහන්න. අන්තිමට එළිදරව් 12:10, 12 කියවන්න. දෙවිගේ රාජ්‍ය පාලනය 1914දී පටන්ගත්තා කියලා දැනගෙන ඉන්න එක ශුභාරංචිය කල් නොදමා දේශනා කරන්න අපිව පොලඹවන්නේ කොහොමද කියලා සබයෙන් අහන්න.
ගීතිකා අංක 133 සහ යාච්ඤාව