අගෝස්තු 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 114 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 10වෙනි පරි. 14-19 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 10-13 (විනා. 10යි)
අංක 1: ගණන් කතාව 10:1-16 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: “අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය”—w11 8/1 13 පි. (විනා. 5යි)
අංක 3: ‘යෙහෝවා දෙවියනි, ඔබ මාව හොඳින් හඳුනාගත්තෙහිය’—w11 9/1 15 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 15: “අවුරුදු 100ක් පුරා රාජ්‍යය වෙනුවෙන් කළ සේවය,” 1වෙනි කොටස. (1-3 ඡේද) මුල් ඡේද තුන සහ ‘යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 2වන කොටස: ආලෝකය දසත විහිදුවාලයි’ කියන DVD එකේ “ඔබ මාගේ සාක්ෂිකාරයෝය” කියන කොටස මත පදනම් සාකච්ඡාවක්. (w01 1/15 19, 20 පි. 15, 16 ඡේදත් බලන්න.) 3වෙනි ප්‍රශ්නයට පස්සේ, හුඟ කාලයක් සත්‍යයේ හිටපු දෙන්නෙක්ව සාකච්ඡාවකට කැඳවන්න. ප්‍රචාරකයෙක් වුණ මුල් කාලෙදි දේවසේවය කරපු විදිහ ගැන අහන්න.
විනා. 15: “අවුරුදු 100ක් පුරා රාජ්‍යය වෙනුවෙන් කළ සේවය,” 2වෙනි කොටස. (4-6 ඡේද) ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. 5 සහ 6 ඡේද සාකච්ඡා කරද්දී පූර්ණකාලීන සේවය පටන්ගන්න ඉඩකඩ සලසාගත්ත විදිහ පුරෝගාමීන් දෙන්නෙක්ගෙන් අහන්න.
ගීතිකා අංක 103 සහ යාච්ඤාව