මැයි 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 120 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 6වෙනි පරි. 1-6 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 23-26 (විනා. 10යි)
අංක 1: නික්මයාම 25:1-22 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: නරක ඇසුරට වැටුණු යෙහෝයාෂ්—w09 4/1 24, 25 පි. (විනා. 5යි)
අංක 3: අපි සාර්ථක ජීවිතයක් ගත කරනවාට දෙවි කැමතියි—w09 12/1 17 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: මැයි මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා කොටස් වශයෙන් කියවමින් එක් එක් කොටසේ අරමුණ මොකක්ද කියලා සබයෙන් අහන්න. සඟරා හොඳින් කියවලා ඒවා උද්යෝගයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න කියලා සබය දිරිගන්වන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට හොඳ සහයකයෙක් වෙන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 103 සහ යාච්ඤාව