මාර්තු 17න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 104 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 3වෙනි පරි. 13-19 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 43-46 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 44:18-34 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඊර්ෂ්යාව කොතරම් භයානකද?—w08 10/1 16, 17 පි. (විනා. 5යි)
අංක 3: “ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි”—w09 3/1 15 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 15: සාක්ෂි දරන විට නැණවත්ව කටයුතු කරන්න. ‘සේවා පාසැල්’ පොතේ 197 පි. 1 ඡේ.- 199 පි. 4 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. නිතර අද්දකින විරෝධතාවක් සම්බන්ධයෙන් නැණවත්ව කටයුතු නොකරන විදිහ ප්රචාරකයෙක් ලවා නිරූපණය කරවන්න. ඊළඟ නිරූපණයේදී එම ප්රචාරකයාම විරෝධතාව නැණවත්ව හසුරුවන විදිහ පෙන්වන්න.
විනා. 15: “ඔබ ස්තුතිවන්ත වෙන බව පෙන්වනවාද?” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. විශේෂ බයිබල් කියවීම කරන්න යොදලා තියෙන සැලසුම් ගැන සබයෙන් විමසන්න. සිහි කිරීම සඳහා සභාවෙන් කර ඇති සැලසුම් ගැන සඳහන් කරන්න.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව