මාර්තු 3න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 5 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 3වෙනි පරි. 1-6 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 36-39 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 37:1-17 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සාමුවෙල් දිගටම හරි දේ කළා—w08 8/1 24, 25 පි. (විනා. 5යි)
අංක 3: අපේ ප්රශංසාව ලබන්න වටින දෙවි—w08 12/1 31 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: මාර්තු මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න. සිහි කිරීම සඳහා ආරධනා පත්ර බෙදන ගමන් මාසයේ අවසාන සති අන්ත දෙකේදී සඟරා ලබා දෙන්න පුළුවන් විදිහ ගැන යෝජනා සබයෙන් විමසන්න.
විනා. 10: “‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් සමහර අය එක්ක පාඩමක් පටන්ගන්න අමාරු නම් . . .”—2වෙනි කොටස. 4-6 දක්වා පිටුවල සඳහන් අද්දැකීම් මත පදනම් සාකච්ඡාවක්. දේවසේවය වඩාත් හොඳින් කිරීමට ඒ අද්දැකීම්වලින් ඉගෙනගත් දේවල් සබයෙන් විමසන්න.
විනා. 10: ප්රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට තොරතුරු වාර්තා කරගන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්රයෝජන ගැන අසන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 95 සහ යාච්ඤාව