පෙබරවාරි 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 97 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 2වෙනි පරි. 20-27 ඡේ. සහ 37වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 32-35 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 5: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. කතාවක්. මාර්තු මාසයේ පළමු සෙනසුරාදා සේවය සඳහා යොදා ඇති සැලසුම් සඳහන් කරන්න. 8වෙනි පිටුවේ යෝජනාව නිරූපණය කරන්න.
විනා. 15: “‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් සමහර අය එක්ක පාඩමක් පටන්ගන්න අමාරු නම් . . .”—1වෙනි කොටස. ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. 6වෙනි පිටුවේ යෝජනාවලින් එකක් නිරූපණය කරන්න.
විනා. 10: “සිහි කිරීමට ආරාධනා කරන්නේ මාර්තු 22වෙනිදා සිටයි.” සේවා සංවිධායක ඉදිරිපත් කරන කතාවක්. හැම කෙනෙකුටම ආරාධනා පත්රයක් දී එහි ඇති දේ සාකච්ඡා කරන්න. වැඩිමහල්ලන්ට එවූ ලිපියේ තිබුණ, සභාවට අදාළ මඟ පෙන්වීම් ගැන හා ප්රදේශය ආවරණය කිරීමට ගෙන තිබෙන සැලසුම් ගැන කියන්න.
ගීතිකා අංක 109 සහ යාච්ඤාව