ජනවාරි 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 81 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 1වෙනි පරි. 15-21 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 17-20 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 17:18–18:8 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: තිමෝතිගේ කදිම ආදර්ශය—w08 4/1 24, 25 පි. (විනා. 5යි)
අංක 3: සමාව දීමට සූදානම් දෙවි කෙනෙක්—w08 6/1 23 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 20: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”—3වෙනි කොටස. කොටු දෙකේ ඇති තොරතුරු සාකච්ඡා කරන්න. බයිබල් ප්‍රතිපත්තිවලට අවධානය යොමු කරන්න. හතරදෙනෙක්ගෙන් යුත් මැර පිරිසකට ප්‍රචාරකයන් දෙන්නෙක් මුහුණ දෙන ආකාරය නිරූපණය කරන්න. ඔවුන් 1වෙනි කොටුවේ තියෙන මඟ පෙන්වීම් පිළිපදියි. වැඩිමහල්ලෙක් ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන ආකාරය නිරූපණය කරන්න. ඔහු ගැළපෙන මාතෘකාවක් ගැන සාකච්ඡා කර ක්ෂේත්රය ආවරණය කරන විදිහ ගැන පැහැදිලි කරයි. ඒ වගේම ගැටලුවක් මතු වුණොත් ප්‍රචාරකයන්ට වැඩ කරන්න පුළුවන් වෙනත් ප්‍රදේශයක් ගැනත් සඳහන් කරයි.
විනා. 10: “බයිබල් පාඩම්වලට මඟ පාදන සඟරා මාර්ග.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. සඟරා මාර්ගයක් බයිබල් පාඩමකට හරවගත්ත විදිහ ගැන අද්දැකීම් කියන්න කියලා සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 103 සහ යාච්ඤාව