ජනවාරි 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 66 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 1වෙනි පරි. 8-14 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 11-16 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 14:17–15:11 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අපට සැලකිල්ල දක්වන කෙනෙක්—w08 4/1 9 පි. (විනා. 5යි)
අංක 3: අපේ දුක දැනෙන කෙනෙක්—w08 5/1 24 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මතෙව් 7:6-11 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 20: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”—2වෙනි කොටස. 6-9 දක්වා ඡේද මත පදනම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. බයිබල් පදවල අදහස සබයේ අවධානයට ලක් කරන්න. 6වෙනි ඡේදය සාකච්ඡා කළ පසු කේන්ති ගිය නිවැසියෙක් සමඟ ප්‍රචාරකයෙක් සන්සුන්ව කටයුතු කරන විදිහ නිරූපණය කරන්න. ප්‍රචාරකයා සේවය ගැනත් සේවයේ අරමුණ ගැනත් කාරුණිකව පැහැදිලි කරයි. (1 පේතෘ. 3:15) ක්ෂේත්‍ර සේවා කණ්ඩායමක් භාරව ඉන්න සහෝදරයෙක් සේවය කිරීමට පැවරී ඇති ප්‍රදේශය ආවරණය කළ හැකි ආකාරය කල් ඇතුව සැලසුම් කරන විදිහ නිරූපණය කරන්න. ඔහු (1) ප්‍රදේශ සිතියම් කාඩ්පත (S-12) හොඳින් අධ්‍යයනය කරයි, (2) පණිවිඩයට ලැබිය හැකි ප්‍රතිචාර ගැන කල්පනා කරයි, (3) ප්‍රචාරකයන්ව යවන විදිහ සැලසුම් කරයි, (4) ක්ෂේත්‍ර සේවා රැස්වීමේදී සාකච්ඡා කරන දේ ගැන කල්පනා කරයි.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව