ජනවාරි 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 115 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 1වෙනි පරි. 1-7 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 6-10 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 9:18–10:7 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මාක් සැලුණේ නැහැ—w08 2/1 24-26 පි. (විනා. 5යි)
අංක 3: මිය ගිය අයට ජීවිතය දිය හැකි දෙවි කෙනෙක්—w08 3/1 23 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “අනාගතවක්තෘ මීකා අපිට ආදර්ශයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 20: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”—1වෙනි කොටස. 1-5 දක්වා ඡේද මත පදනම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. බයිබල් පදවල අදහස සබයේ අවධානයට ලක් කරන්න. 5වෙනි ඡේදය සාකච්ඡා කළ පසු දරුවන් සිටින පවුලක් හෝ විවාහක යුවළක් පවුලේ නමස්කාරයේදී දේවසේවයට සූදානම් වෙන විදිහ නිරූපණය කරන්න. ලිපියේ සඳහන් බයිබල් ආදර්ශයක් සලකා බලන ඔවුන් අත් නෑර දේවසේවයේ හවුල් වෙන්න ඒ ආදර්ශය උපකාර වෙන විදිහ සාකච්ඡා කරයි. නිර්භීතව සාක්ෂි දරන්න පවුලක් ලෙස සූදානම් වෙන්න කියා දිරිගන්වමින් අවසන් කරන්න.
ගීතිකා අංක 81 සහ යාච්ඤාව