දෙසැම්බර් 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 75 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 27වෙනි පරි. 19-26 ඡේ. සහ 242, 244 හා 247වෙනි පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එළිදරව් 1-6 (විනා. 10යි)
අංක 1: එළිදරව් 3:14–4:8 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ස්වාමිපුරුෂයෙක් සහ භාර්යාවක් එකිනෙකාට සලකන්න ඕනේ කොහොමද?—w11 10/1 16 පි. (විනා. 5යි)
අංක 3: අපිට ‘අනුගමනය කරන්න යේසුස් ආදර්ශයක්’ තැබුවේ කොහොමද?—යොහ. 13:15 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: පහුගිය මාසවල කළ සේවය. සේවා සංවිධායක සභාව සමඟ කරන සාකච්ඡාවක්. ‘රාජ්ය ආරංචි’ අංක 38 බෙදා දීමේදී සභාවට අයත් ප්රදේශය කොතෙක් දුරට ආවරණය වුණාද කියා කියන්න. බෙදා දීමේදී ලැබූ ප්රයෝජන සහ දිරිගන්වනසුලු අද්දැකීම් කියන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: යෙහෝවා දෙවිට ප්රශංසා කරන යෞවනයෝ. (ගීතා. 148:12, 13) ආදර්ශවත් යෞවනයන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් සමඟ සම්මුඛ සාකච්ඡාවක්. පාසැලේදී ඔවුන්ගේ විශ්වාසයට එල්ල වෙන අභියෝග මොනවාද? ඒවාට මුහුණ දෙන්න දෙමාපියන් සහ වෙනත් අය උදව් කළේ කොහොමද? තමන්ගේ විශ්වාසය ගැන නිර්භීතව කතා කරන්න එයාලට උදව් වෙලා තියෙන්නේ මොකක්ද? ඔවුන් ලැබූ අද්දැකීම් අහන්න.
විනා. 10: “‘යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි.’” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 74 සහ යාච්ඤාව