නොවැම්බර් 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 49 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 26වෙනි පරි. 16-22 ඡේ. සහ 239වෙනි පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යාකොබ් 1-5 (විනා. 10යි)
අංක 1: යාකොබ් 1:22–2:13 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ප්‍රේමයෙන් බිය දුරු වෙයි—1 යොහ. 4:16-18 (විනා. 5යි)
අංක 3: දෙවිගේ රාජ්‍යය ඉටු කරන්න යන දේ—ph 28 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: දෙසැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව ‘මුරටැඹ’ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්න හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. ‘පිබිදෙව්!’ සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: පිළිතුරු දෙන්නේ කොහොමද? ‘සේවා පාසැල්’ පොතේ 69-70 පි. 1-5 ඡේ. මත පදනම් කතාවක්. තීරණයක් ගත යුතු අවස්ථාවක ‘මං ඉන්න තත්වේ ඔයා හිටියා නම් ඔයා මොනවද කරන්නේ’ කියා ශිෂ්‍යයා අසද්දී ප්‍රචාරකයෙකු පිළිතුරු දෙන විදිහ නිරූපණය කරන්න.
විනා. 10: “දේශනා සේවයට උපකාරවත් වන ලිපි පෙළක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. “ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්” යන ලිපි මාලාවේ මෑතක පළ වුණ ලිපියක කොටසක් යොදාගෙන තුන්වෙනි ඡේදයේ ඇති යෝජනාව කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 45 සහ යාච්ඤාව