ඔක්තෝබර් 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 25වෙනි පරි. 1-7 ඡේ. සහ 227, 228 පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 1 තෙසලෝනික 1-5–2 තෙසලෝනික 1-3 (විනා. 10යි)
අංක 1: 1 තෙසලෝනික 2:9-20 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සලමොන් කරපු හොඳ සහ නරක දේවල්වලින් අපි ඉගෙනගන්නේ මොනවාද?—රෝම 15:4 (විනා. 5යි)
අංක 3: ප්රශ්න ගැටලුවලට හේතුව දැනගැනීමට දෙවිගේ මුල් අරමුණ තේරුම්ගමු—ph 24 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මාක් 1:40-42, මාක් 7:32-35 සහ ලූක් 8:43-48 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තා සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 15: “දරුවන්ට උගන්වන්න වෙබ් අඩවිය යොදාගන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. 3වෙනි ඡේදයේදී “දෙමාපියන්ගේ ප්රයෝජනයට” යන කොටස සොයාගන්නා විදිහ පැහැදිලි කර ඒ යටතේ ඇති එක මඟ පෙන්වීමක් උදාහරණයක් හැටියට ගෙනහැර දක්වන්න. 4වෙනි ඡේදයේදී අපේ වෙබ් අඩවිය පවුලේ නමස්කාරය සඳහා යොදාගත් ආකාරය ගැන සබයෙන් අසන්න.
ගීතිකා අංක 88 සහ යාච්ඤාව