සැප්තැම්බර් 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 101 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 23වන පරි. 16-19 ඡේ. සහ 214වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 2 කොරින්ති 8-13 (විනා. 10යි)
අංක 1: 2 කොරින්ති 10:1-18 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යුක්තිගරුක දෙවි කෙනෙක්—ph 18, 19 පි. (විනා. 5යි)
අංක 3: 1 කොරින්ති 10:13හි තේරුම මොකක්ද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: “ඔයාලා අපේ පොත් ගන්නවා නම් අපිත් ඔයාලගේ පොත් ගන්නවා.” සාකච්ඡාවක්. එවැනි යෝජනාවක් කළ අවස්ථාවක සාර්ථකව පිළිතුරු දුන් ආකාරය ගැන කියන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: පසුගිය වසරේ අප කළ සේවය. සේවා සංවිධායක ඉදිරිපත් කරන කතාවක්. පසුගිය සේවා වසරේ දේවසේවයේදී ඉටු කළ යහපත් දේවල් ගැන පවසා සභාවට ප්රශංසා කරන්න. නව සේවා වසරේදී දියුණු කරගත හැකි පැති එකක් හෝ දෙකක් පෙන්වා දී ඒ සඳහා උපකාරවත් වන යෝජනා ලබා දෙන්න.
විනා. 15: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. ක්රියා 16:19-40 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවයට උපකාරවත් වන විදිහ සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 44 සහ යාච්ඤාව