සැප්තැම්බර් 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 78 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 23වන පරි. 9-15 ඡේ. සහ 210, 212 පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 2 කොරින්ති 1-7 (විනා. 10යි)
අංක 1: 2 කොරින්ති 1:15–2:11 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ප්‍රේමයෙන් පූර්ණ දෙවි කෙනෙක්—ph 17, 18 පි. (විනා. 5යි)
අංක 3: යෙහෝවා දෙවිගේ නාමය රැකවරණය කරගන්නේ කොහොමද?—ශෙප. 3:12 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?—2වෙනි කොටස. යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද? යන පත්‍රිකාවේ 10වෙනි ඡේදයේ සිට අවසානය දක්වා ඇති තොරතුරු මත පදනම් කතාවක්. යෞවන කාලයේදීම පූර්ණකාලීන සේවය පටන්ගත් කෙනෙක් සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවක් කරන්න. එවැනි තීරණයක් ගන්න හේතුව සහ ලබා ඇති ආශීර්වාද ගැන අසන්න.
විනා. 10: තනියම සේවයේ යෙදෙද්දී. සාකච්ඡාවක්. (1) සහායකයෙක් නොමැතිව සේවයේ යෙදෙන්න සිදු වුණොත් දිගටම සතුටෙන් සේවය කරන්නේ කොහොමද? (2) තනියම නැවත බැලීම් කරද්දී මොන වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේද? (3) ඔබ දේශනා සේවයේ යන දවස්වල සේවය සඳහා සභාවෙන් සැලසුම් කර නැත්නම් ඔබ සමඟ සේවයේ හවුල් වෙන්න සභාවේ අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද? (4) තනියම සේවයේ යෙදෙන්න සුදුසු අවස්ථාවලදී සේවයේ යෙදීමෙන් මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?
විනා. 10: නිවැසියා ගැන හිතන්න. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 107 සහ යාච්ඤාව