අගෝස්තු 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 133 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 21වන පරි. 8-13 ඡේ. සහ 193වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: රෝම 1-4 (විනා. 10යි)
අංක 1: රෝම 3:21–4:8 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අපි මේ ලෝකයේ “විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්” විදිහට ජීවත් වෙන්නේ ඇයි?—1 පේතෘ. 2:11; 1 යොහ. 2:15-17 (විනා. 5යි)
අංක 3: බයිබලයේ කර්තෘ කවුද?—ph 11 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අගෝස්තු මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්න හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාර වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. ලූක් 5:27-32 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවයට උපකාරවත් වන විදිහ සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 119 සහ යාච්ඤාව