ජූලි 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 120 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 20වන පරි. 8-15 ඡේ. සහ 183වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්‍රියා 18-21 (විනා. 10යි)
අංක 1: ක්‍රියා 20:17-38 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සදාචාරය ගැන ශුද්ධ බයිබලයෙන් උපදෙස්—ph 5 පි. සහ 6 පි. 4වන උපමාතෘකාව (විනා. 5යි)
අංක 3: අපි අපේ මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කරන බව පෙන්වන්නේ කොහොමද?—රෝම 8:6 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ශිෂ්‍යයාගේ හදවතටම කතා කරන්න. (ලූක් 24:32) සාකච්ඡාව ගොඩනැඟීමට මේ ප්‍රශ්න යොදාගන්න. (1) බයිබල් පාඩමක් කරද්දී මේ කරුණු ගැන කාවද්දන්න ඕනෙ ඇයි? (අ) දෙවිගේ ප්‍රේමය සහ ප්‍රඥාව (ආ) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමේ වටිනාකම (ඇ) තීරණයක් ගද්දි හැම වෙලේම දෙවිගේ මඟ පෙන්වීම් පැතීම (2) උගන්වපු දේ ශිෂ්‍යයාගේ හදවතටම ගියාද කියලා දැනගන්න මේ ප්‍රශ්න පාවිච්චි කරන්නෙ කොහොමද? (අ) මේක සාධාරණයි කියලා ඔයා හිතනවද? (ආ) ප්‍රේමණීය දෙවි කෙනෙක් එහෙම කරන එක හරිද? (ඇ) මේ උපදෙස් අදාළ කරගත්තොත් ඔයාට මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?
විනා. 20: “යෞවනයෙනි, වගකීම් දරන්න ඔයාලා උත්සාහ කරනවද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. කුඩා කාලයේ ඉඳන්ම සභාවේ වගකීම් දරන්න වෑයම් කරපු වැඩිමහල්ලෙක්/සහායක සේවකයෙක් සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවක්. සහායක සේවකයෙක් වෙන්න කලින් ඔයාට ලැබුණේ මොන වගේ පැවරුම් හා පුහුණුවක්ද? නමස්කාර කටයුතුවලදී දියුණුවක් ලබන්න අනිත් අයගෙන් ලැබුණු සහයෝගය මොන වගේද? ලබා තිබෙන ආශිර්වාද මොනවාද?
ගීතිකා අංක 85 සහ යාච්ඤාව