නිවේදන
◼ ජූනි: පවුල් ජීවිතය භුක්ති විඳින්න, ලෝකය සැබවින්ම පාලනය කරන්නේ කවුද?, බයිබලය විශ්වාස කිරීමට ඔබට හැකි හේතු හෝ ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන පත්‍රිකාවලින් එකක් ඉදිරිපත් කරන්න. නිවැසියා උනන්දුවක් දක්වනවා නම් බයිබලයේ ඉගැන්වීම් පොතෙන් හෝ සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දෙන්න හෝ දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න යන සඟරාවක් ඉදිරිපත් කර බයිබල් පාඩමක් කරන විදිහ පෙන්වන්න. ජූලි සහ අගෝස්තු: සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!, දෙවිට සවන් දෙන්න හෝ දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න යන සඟරා. සැප්තැම්බර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා.
◼ ජූලි පළවෙනිදායින් පටන්ගන්නා සතියේ සලකා බලන තුන්දින සමුළුවට අදාළ සිහිගැන්වීම් සමුළුවට කලින් සතියේදී යළිත් කෙටියෙන් සලකා බලන්න. ඒ සඳහා සේවා රැස්වීමේ යම් සකස් කිරීමක් කළ හැකියි. සමුළුවෙන් ඉගෙනගත් සේවයට ප්‍රයෝජනවත් කරුණු සමුළුවෙන් මාසයකට හෝ දෙකකට පසු සලකා බලන්න. සභා අවශ්‍යතා කොටසේදී එය කළ හැකියි.
◼ ඔබ වෙනත් රටක පැවැත්වෙන තුන්දින සමුළුවකට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන තොරතුරු www.jw.org/si වෙබ් අඩවියේ “අපි ගැන” යටතේ “සමුළු” යන ස්ථානයෙන් සොයාගත හැකියි.