ජූනි 17න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 19වන පරි. 1-5 ඡේ. සහ 169, 172වන පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්‍රියා 5-7 (විනා. 10යි)
අංක 1: ක්‍රියා 5:17-32 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගන්න පුද්ගලයෙක් කරන්න ඕනේ මොකක්ද?—2 තිමෝ. 2:19 (විනා. 5යි)
අංක 3: දරුවන්ව හදා වඩා ගැනීම ගැන ශුද්ධ බයිබලයෙන් උපදෙස්—ph 5-6 පි. 1වන උපමාතෘකාව (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: සේවයේදී ජනයාට ගෞරවය දක්වමු. සේවා පාසැල පොතේ 190වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ සිට 192වෙනි පිටුවේ පළවෙනි ඡේදය දක්වා පදනම් කරගත් කතාවක්. ප්‍රචාරකයෙක් නිවැසියාට එතරම් ගෞරවයක් පෙන්වන්නේ නැතුව කතා කරන හැටි තාත්වික විදිහට කෙටියෙන් නිරූපණය කරන්න. ඊළඟට ගෞරවනීය විදිහට කතා කරන විදිහ නිරූපණය කරන්න.
විනා. 10: ප්‍රචාරකයෙක් වෙන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න. වර්ෂ 2006 නොවැම්බර් රාජ්‍ය සේවාවේ හත්වෙනි පිටුවේ පස්වෙනි ඡේදයේ සිට අටවෙනි පිටුවේ අවසාන කලු තිත දක්වා පදනම් සාකච්ඡාවක්.
විනා. 10: “යෙහෝවා දෙවිව වැඩියෙන් වර්ණනා කරමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. චාරිකා සේවක පැමිණි මාසයේදී සහායක පුරෝගාමි සේවයේ යෙදුණු ප්‍රචාරකයෙක්ව හෝ දෙදෙනෙක්ව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
ගීතිකා අංක 9 සහ යාච්ඤාව