අත්හදා බැලීමට යෝජනා
ජූනි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“ලෝකෙට සාමය උදා වෙනවට හැමෝම කැමතියි. ඒත් හැම තැනම යුද්ධ. ඔයා හිතන විදිහට සාමය උදා කරගන්න එක මෙච්චර අමාරු ඇයි?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ජූනි 1 මුරටැඹ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මේ යෝජනාව ජූනි පළවෙනිදා පවත්වන ක්ෂේත්‍ර සේවා රැස්වීමේදී නිරූපණය කළ යුතුයි.
මුරටැඹ ජූනි 1
“ආගම, ජාතිය, කුළය, සමාජ මට්ටම නිසා අද සමාජයේ මිනිස්සු අනිත් අයව සලකන්නෙ පහත් කරලා. එහෙම කරන්නෙ නැති තැනක් ලෝකෙ කොහේ හරි තියෙයි කියලා ඔයාට හිතන්න පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ බලන්න දෙවියන් මිනිස්සුන්ව සලකන්නේ කොහොමද කියලා. [ක්‍රියා 10:34 කියවන්න.] මේ ගැටලුව දෙවියන් නැත්තටම නැති කරන හැටි මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”
පිබිදෙව්! ජූනි
“දුක් විඳින්න කවුරුත් ආස නෑ. ඉතිං ජීවිතේ සැපවත් කරගන්න කියලා මිනිස්සු එක එක දේවල් මිල දී ගන්නවා. ඒත් බඩුමුට්ටු වැඩි වුණයි කියලා ජීවිතේ සතුටත් වැඩි වෙනවද? ඔයා මොකද හිතන්නෙ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙන්න මේ උපදෙස ගැන ටිකක් හිතලා බලන්න. [ලූක් 12:15 කියවන්න.] අපි භාණ්ඩයක් ගන්න කලින් හිතලා බලන්න ඕන පැති ගැනත් අනවශ්‍ය විදිහට වියදම් කරන එකෙන් වළකින්නෙ කොහොමද කියලත් මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්.”