මැයි 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 11 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 18වන පරි. 6-11 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යොහන් 12-16 (විනා. 10යි)
අංක 1: යොහන් 12:20-36 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඒ ඒ වර්ග ලෙස—lc 27, 28 පි. (විනා. 5යි)
අංක 3: “සමාදානය ලබා දෙන දෙවි” කියා යෙහෝවා දෙවිව හැඳින්වීම සුදුසු ඇයි?—රෝම 15:33 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. කතාවක්. මුරටැඹ සඟරාවේ අන්තිම පිටුව පාවිච්චි කරලා ජූනි මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එදාට සේවයේ හවුල් වෙන්න හැමෝටම දිරිගන්වන්න.
විනා. 15: පැළ කළ බීජවලට වතුර වත් කරමු. (1 කොරි. 3:6-9) සාකච්ඡාව ගොඩනැඟීමට පහත සඳහන් ප්රශ්න යොදාගන්න. (1) නැවත බැලීම් කරන්න ඔබ කැමති ඇයි? (2) සමහරුන්ට ඒක අභියෝගයක් වෙන්නේ ඇයි? (3) ඒ අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද? (4) නැවත බැලීම් කරන එක අමාරු නම් උදව් ලබාගන්නෙ කොහෙන්ද? (5) උනන්දුව දක්වපු කෙනා එක්ක කතා කරපු දේ, දීලා ආපු පොත් පත් සහ වෙනත් කරුණු සටහන් කරගන්නේ කොහොමද? (6) ඔබ නැවත බැලීම්වලට සූදානම් වෙන්නෙ කොහොමද? (7) හැම සතියකම නැවත බැලීම් කරන්න කාලය වෙන් කරන එක හොඳ වෙන්නෙ ඇයි?
විනා. 10: “අපේ DVD වලින් උගන්වමු.” සාකච්ඡාවක්. සාක්ෂිකරුවෙක් වෙන්න කලින් අපේ වීඩියෝ පට හෝ DVD නැරඹීම ප්රයෝජනවත් වුණේ කොහොමද කියා සබයෙන් අහන්න.
ගීතිකා අංක 101 සහ යාච්ඤාව