අප්‍රියෙල් 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 89 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 15වන පරි. 13-20 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ලූක් 7-9 (විනා. 10යි)
අංක 1: ලූක් 7:18-35 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: පෙන්තකොස්ත දවසේදී ඇති වූ අලුත් ජාතිය මොකක්ද එහි අරමුණ මොකක්ද?—ගලා. 6:16; 1 පේතෘ. 2:9 (විනා. 5යි)
අංක 3: පළමුවන අසත්‍යය: අලුත් විශේෂයන් බිහි වීමට හේතු වන්නේ විකෘතිද?—සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? සඟරාව 19, 20 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අප්‍රියෙල් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්නයක් හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාර වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: පාලක මණ්ඩලය අපට දෙන පණිවිඩය මොකක්ද? “පාලක මණ්ඩලයෙන් ලියුමක්” යන කොටස පදනම් කරගත් සාකච්ඡාවක්. ලෝක ව්‍යාප්ත වාර්තාවේ කැපීපෙනෙන පැති ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. පාලක මණ්ඩලය ආදරයෙන් දී තියෙන උපදෙස් හා මඟ පෙන්වීම් හොඳින් සිතා බලන්න කියා දිරිගන්වමින් අවසන් කරන්න.
ගීතිකා අංක 75 සහ යාච්ඤාව