අප කළ සේවය
දෙමළ ජනයා ඉන්න සමහර ප්‍රදේශවල, දේශනා කරලා තියෙන්නේ කලාතුරකිනුයි. ඒ ප්‍රදේශවල දේශනා කිරීමට සහෝදරයන් පටන්ගත් විශේෂ වැඩපිළිවෙළ දැන් අවසන්. එයට අපේ රටිනුත් වෙනත් රටවලිනුත් හුඟදෙනෙක් සහභාගි වෙලා ගොඩක් සතුටු වුණා. පිටරටින් ආපු සහෝදරයෙක් කිව්වා ඒක තමයි එයා ගත කරපු හොඳම නිවාඩුව කියලා. හුඟදෙනෙක්ට මුල් වතාවට ශුභාරංචිය අහන්න ලැබුණේ මේ වැඩපිළිවෙළ නිසයි. බයිබල් පාඩම් කරන්නත් ගොඩක් අය කැමති වුණා. ඒ නිසා ඒ අයට උදව් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් මාසයේ සැලසුම් කරලා තියෙන විශේෂ සේවයට ඔයාලා දැන් ඉඳන්ම සූදානම් වෙනවාද?