අගෝස්තු 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 5වන පරි. 9-16 ඡේ. සහ 45, 46 පිටුවල කොටු (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 35-38 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. “රැස්වීම්වල වෙනසක්” කතාවක්. පසුව හතරවෙනි පිටුවේ අත්හදා බැලීමට ඇති යෝජනාව යොදාගෙන සැප්තැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: මිනිසුන්ට තේරෙන විදිහට පණිවිඩය කියන්න. සේවා පාසැල පොතේ 226-229 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්. එහි තොරතුරු පාවිච්චි කර නිරූපණයක් හෝ දෙකක් කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක්. ලූක් 10:1-4, 17 දක්වා කියවීමට සැලසුම් කරන්න. එම වාර්තාව දේශනා සේවය සඳහා උපකාරවත් වන ආකාරය සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 57 සහ යාච්ඤාව