මැයි 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 101 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 1වන පරි. 1-9 ඡේ. සහ 2වන පිටුවේ ඇති ලියුම (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 44-48 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 46:18-28 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මරියාට පාපය උරුම වී තිබුණේ නැද්ද?—w98 8/1 31 පි. (විනා. 5යි)
අංක 3: ‘තම ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීම’ සඳහා කළ හැක්කේ කුමක්ද?—ගලා. 6:8 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. ජූනි මාසයේ ඉදිරිපත් කරන ප්‍රකාශන සඳහන් කර ඉන් එකක් ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: දරුවෙනි, නිවාඩු කාලයේ උපකාරික පුරෝගාමි සේවය කරන්න ඔබ කැමතිද? කතාවක්. වර්ෂ 2007 මාර්තු මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ 4වන ඡේදය කෙටියෙන් සාකච්ඡා කරන්න. උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට අවශ්‍ය සුදුසුකම් පැහැදිලි කරන්න. පාසැල් නිවාඩු කාලයේදී උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වූ ප්‍රචාරකයන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන්න. ඊළඟට ලැබෙන නිවාඩු කාලයේදී උපකාරික පුරෝගාමි සේවය කරන එක ගැන හිතන්න පාසැල් යන දරුවන්ව දිරිගන්වන්න.
විනා. 10: “සේවය සඳහා පවත්වන රැස්වීමෙන් ප්‍රයෝජන ගන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 41 සහ යාච්ඤාව