දෙසැම්බර් 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 45 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 12වන පරි. 1-7 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 17-23 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන. “අපගේ ගීතිකා රස විඳිය හැකි කදිම ක්රමයක්.” සාකච්ඡාවක්.
විනා. 15: බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත භාවිත කළ හැකි ආකාරය. එහි 2වෙනි පිටුව මත පදනම් කතාවක්. එහි ඇති යෝජනා යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න. ඉන් දෙකක් නිරූපණය කරන්න.
විනා. 15: අප ඉගෙනගත්තේ කුමක්ද? සාකච්ඡාවක්. ක්රියා 10:1-35 දක්වා කියවන්න. එම වාර්තාව අපේ දේවසේවයට උපකාරවත් විය හැකි ආකාරය ගැන සලකා බලන්න.
ගීතිකා අංක 63 සහ යාච්ඤාව