දෙසැම්බර් 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 10 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 11වන පරි. 8-14 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 6-10 (විනා. 10යි)
අංක 1: යෙසායා 6:1-13 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: විශ්වයේ ආරම්භය: විද්‍යාව ඊට එකඟය. පරිණාමවාදය වැරදි බව ඔප්පු වෙයි—36අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: ප්‍රේමය නමැති ගුණාංගය සදාතනිකය කීමෙන් අදහස් වන්නේ කුමක්ද?—1 කොරි. 13:8; 1 යොහ. 4:8 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: වර්ෂ 2012 සඳහා සේවා පාසැල. පාසැල මෙහෙයවන්නා විසින් ඉදිරිපත් කරන කතාවක්. වර්ෂ 2012 සඳහා සේවා පාසැල් වැඩසටහනේ සඳහන් තොරතුරුවලින් ඔබේ සභාවට මතක් කර දිය යුතු කරුණු සඳහන් කරන්න. අමතර උපදේශකගේ වගකීම මතක් කරන්න. තමන්ට ලැබෙන පැවරුම් හොඳින් ඉටු කිරීමටත් බයිබල් කියවීමේ කොටසේදී හොඳින් අදහස් දැක්වීමටත් සේවා පාසැල පොතෙන් සතිපතා ලබා දෙන යෝජනා අදාළ කරගැනීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 15: “නිතරම සූදානමින්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙවන ඡේදය සාකච්ඡා කළ පසුව අවිධිමත් සාක්ෂි දැරීමේ උද්යෝගයෙන් නියැලෙන ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඒ සඳහා ඔහු සූදානම් වන ආකාරයත් ලබා ඇති කදිම අද්දැකීම් මොනවාද කියාත් ඔහුගෙන් අසන්න.
ගීතිකා අංක 135 සහ යාච්ඤාව