ජූනි 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 3වන පරි. 10-19 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 52-59 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. “මම පැය වාර්තා කරන්නේ කොහොමද?” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. කතාවෙන් පසු ජූලි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කිරීමට 4වෙනි පිටුවේ ඇති යෝජනාව යොදාගන්න. සේවයේ හවුල් වීමට සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 10: ජූලි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල තිබෙන තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්රශ්න සහ බයිබල් පද සබයෙන් විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 15: සාක්ෂි දරන විට නැණවත්ව කටයුතු කරන්න. සේවා පාසැල පොතේ 197-199 දක්වා පිටු මත පදනම්ව සාකච්ඡාවක්. නිතර අද්දකින විරෝධතාවක් සම්බන්ධයෙන් නැණවත්ව කටයුතු නොකරන ආකාරය ප්රචාරකයෙක් ලවා නිරූපණය කරවන්න. ඊළඟ නිරූපණයේදී එම විරෝධතාව නැණවත්ව හසුරුවන ආකාරය පෙන්වන්න.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව