ජූනි 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 45 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 2වන පරි. 15-20 ඡේ. සහ 26වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 38-44 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 41:1–42:5 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බයිබලයේ සඳහන් හොඳ ගතිගුණ පෙන්වූ කිට්ටු මිතුරන්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (විනා. 5යි)
අංක 3: යෙහෝවා, දෙවි: සියලුදෙනාම සේවය කරන්නේ එකම දෙවිට නොවේ—27ඈ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ශුභාරංචිය දේශනා කළ හැකි ක්රම—බයිබල් පාඩම් පැවැත්වීම. මෙය 2007 ජනවාරි රාජ්ය සේවාවේ 5වන පිටුවේ 3-6 දක්වා ඡේද මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. දේවවචනය ඉගැන්වීමෙන් හා ඒ පුද්ගලයා දියුණුවක් ලබන ආකාරය දැකීමෙන් තමන් ලැබූ ප්රීතිය ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. අදහස් දැක්වීමට කල් ඇතුව එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සූදානම් කළ හැකියි.
විනා. 10: විවාහය, දික්කසාදය හා වෙන් වීම සඳහා දෙවි දී තිබෙන ප්රමිතිය කුමක්ද? ‘ගොස් මිනිසුන්ව ගෝලයන් කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න’ නමැති පොතේ 26වන පිටුවේ 1-3 දක්වා ප්රශ්න මත පදනම්ව වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: “ඉවසිලිවන්තව දේවසේවයේ යෙදෙමු” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 103 සහ යාච්ඤාව