නිවේදන
◼ මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී පමණක් රැස්වීම්වලට පැමිණෙන අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. ජූලි: පොත් පත් තොගයේ ඇති ප්‍රදේශයට වඩාත් ගැළපෙන ඕනෑම මාසික නොවන සඟරාවක්. අමතර සඟරා අවශ්‍ය නම් ඉල්ලුම් කරන්න.
◼ චීනය, තායිවානය, හොං කොං වැනි රටවලින් පැමිණි කෙනෙකුව සේවයේදී මුණගැසුණොත් ඔහුට සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොතේ චීන භාෂාවෙන් සඳහන් පිටුව පෙන්විය හැකියි. නමුත් අපගේ DVD හෝ CD තැටි ලබා දෙන විට එම තැනැත්තාට හොඳින් තේරෙන භාෂාවකින් ඒවා ලබා දෙන්න. සාමාන්‍යයෙන් චීන හා තායිවාන් වැසියන්ට චීන මැන්ඩරීන් (CHM) භාෂාවත් හොං කොං වැසියන්ට චීන කැන්ටනීස් (CHC) භාෂාවත් වටහාගත හැකියි.
◼ අගෝස්තු මාසයේ සේවා රැස්වීමේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ශුභාරචිය බෙදාහැරීමට සවිධානය වී (Jehovah’s Witnesses—Organized to Share the Good News) නමැති DVD තැටිය නැරඹීමට සැලසුම් කර තිබෙනවා. එමනිසා ඔබටත් DVD තැටියක් අවශ්‍ය නම් සභාව මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතුයි.