මාර්තු 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 47 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 15 පරි. 10-17 ඡේ. සහ 203 පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෝබ් 6-10 (විනා. 10යි)
අංක 1: යෝබ් 8:1-22 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මුතුන්මිත්තන්ට නමස්කාර කිරීම: මුතුන්මිත්තන්ට නමස්කාර කිරීම නිෂ්ඵලය—24අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: මතෙව් 10:16හි උපදෙස අදාළ කරගන්න පුළුවන් කොහොමද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: පිළිතුරු දෙන විට බයිබලය භාවිත කරන්න. සේවා පාසැල පොතේ 143-144 දක්වා පිටු මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. නිවැසියෙක් අසන ප්‍රශ්නයකට ප්‍රචාරකයෙකු නිවැරදි නමුත් බයිබලය යොදාගන්නේ නැතුව පිළිතුරු දෙන ආකාරය පෙන්වන නිරූපණයක් සහ එම ප්‍රශ්නයටම බයිබලය යොදාගෙන පිළිතුරු දෙන ආකාරය පෙන්වන තවත් නිරූපණයක් ඉදිරිපත් කරන්න. ඒ සඳහා ප්‍රදේශයට ගැළපෙන ප්‍රශ්නයක් යොදාගන්න. දෙවන නිරූපණය වඩාත් සුදුසු වීමට හේතුව සබයෙන් විමසන්න.
විනා. 15: “සිහි කිරීමේ ආරාධනා පත්‍ර බෙදා දීම ඇරඹෙන්නේ අප්‍රියෙල් 2වනදා සිටයි.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ආරාධනා පත්‍රයක් සෑම ප්‍රචාරකයෙකුටම දී එහි ඇති තොරතුරු සලකා බලන්න. සභාවට පවරා ඇති ප්‍රදේශය පුරා එය බෙදාහැරීමට යොදා ඇති සැලසුම් ගැන සඳහන් කරන්න. නිරූපණයක් ඉදිරිපත් කරන්න.
ගීතිකා අංක 109 සහ යාච්ඤාව