පෙබරවාරි 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 97 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 14වන පරි. 1-9 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නෙහෙමියා 12-13 (විනා. 10යි)
අංක 1: නෙහෙමියා 13:15-22 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවිට පමණක් නමස්කාර කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?—නික්. 20:5 (විනා. 5යි)
අංක 3: මරණය: මිය ගිය අය සමඟ කතා කළ නොහැක—22ඇ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව යෙහෝවා දෙවි අත් නොහරියි. (ගීතා. 37:28) එය w07 12/15 21 පි. 1 ඡේ. සිට 22 පි. 8 ඡෙ. දක්වා හා w95 9/1 31වන පිටුවේ ඇති කරුණු මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. සෑම අද්දැකීමක් අවසානයේදී ඉන් ඉගෙනගත හැකි පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: ක්ෂේත්‍ර සේවයේදී බලෑමෙන් යුත් අවසානයක්. සේවා පාසැල පොතේ 221වන පිටුවේ 5වන ඡේදයේ සිට 222වන පිටුවේ අවසානය දක්වා ඡේද මත පදනම් කතාවක්. එම කොටසින් කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: “මගේ අනුගාමිකයෙක් වෙන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ලිපිය සලකා බැලීමෙන් පසු රැස්වීම්වලදී අදහස් දැක්විය යුතු ආකාරය ගැන සේවා පාසැල පොතේ 70වන පිටුවේ ඇති කොටුවේ තොරතුරු මතක් කර දෙන්න.
ගීතිකා අංක 31 සහ යාච්ඤාව