පෙබරවාරි 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 72 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 13 පරි. 16-26 ඡේ. සහ 178වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නෙහෙමියා 9-11 (විනා. 10යි)
අංක 1: නෙහෙමියා 11:1-14 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මරණය: මිය ගිය අයගේ තත්වය—22ආ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: දෙවි ඔහුගේ මහත් කරුණාව පෙන්වා තිබෙන ආකාර මොනවාද?—1 පේතෘ. 4:10 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 12: අමුත්තෙකු සමඟ සංවාදයක යෙදෙන අයුරු. සේවා පාසැල පොතේ 62-64 දක්වා පිටු මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. ගෙයින් ගෙට සේවයේදීත් වෙනත් අවස්ථාවලදීත් කෙනෙකු සමඟ සංවාදයක් ඇරඹීමේ හැකියාව ඇති ප්‍රචාරකයෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
විනා. 18: “සිහි කිරීමේ කාලයේදී වැඩි සේවයක් කරමු!” සේවා සංවිධායක විසින් මෙහෙයවන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ලිපිය සලකා බැලීමෙන් පසු මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවල සේවයේ යෙදීමට සභාව මගින් කර ඇති සැලසුම් ගැන දන්වන්න. විවිධ තත්වයන් යටතේ සිටින අයට මසකට පැය 50ක් සම්පූර්ණ කිරීමට උපකාරවත් වන කාලසටහන් සකස් කරගැනීමට යෝජනා ලබා දෙන්න. කාර්යබහුල වුණත් සෞඛ්‍ය ගැටලු තිබුණත් පසුගිය සිහි කිරීම කාලයේදී උපකාරික පුරෝගාමි සේවයේ යෙදුණු දෙදෙනෙකුව හෝ තුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව