දෙසැම්බර් 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 13න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 11වන පරි. 1-9 ඡේ.
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 15-19
අංක 1: 2 ලේකම් 15: 8-19
අංක 2: බයිබලය: අද දිනට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් එහි අඩංගුය (18ආ බයිබල් විෂයන්)
අංක 3: අපගේ නමස්කාරයේදී යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළ හැක්කේ කෙසේද?
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන. ඊළඟ රැස්වීමට පැමිණෙන විට 2011 ජනවාරි 1 මුරටැඹ සඟරාව රැගෙන ඒමට දිරිගන්වන්න.
විනා. 15: වර්ෂ 2011 සඳහා සේවා පාසැල. පාසැල මෙහෙයවන්නා විසින් ඉදිරිපත් කරන කතාවක්. වර්ෂ 2011 සඳහා සේවා පාසැල් වැඩසටහනේ සඳහන් තොරතුරුවලින් ඔබේ සභාවට මතක් කර දිය යුතු කරුණු ගෙනහැර දක්වන්න. අමතර උපදේශකගේ වගකීම යළි සිහිගන්වන්න. තමන්ට ලැබෙන පවරුම් හොඳින් ඉටු කිරීමටත් බයිබල් කියවීමේ කොටසේදී හොඳින් අදහස් දැක්වීමටත් සේවා පාසැල පොතෙන් සතිපතා ලබා දෙන යෝජනා අදාළ කරගැනීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 15: “ඕනෑම අවස්ථාවකට සරිලන පත්‍රිකාවක්” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. යෝජනාවක් හෝ දෙකක් නිරූපණය කරන්න.