නොවැම්බර් 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 22න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 10වන පරි. 1-8 ඡේ.
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 1-5
අංක 1: 2 ලේකම් 3: 1-13
අංක 2: යේසුස්ගේ මරණයට පෙර සිටි මිනිසුන්ගේ පව්වලට යෙහෝවා දෙවි සමාව දුන්නේ කුමක් මත පදනම්වද? (රෝම 3: 23, 24)
අංක 3: පොළොව: පොළොව සඳහා දෙවි අරමුණු කර ඇති දේ (17අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන
විනා. 10: දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීම. සබය සමඟ සාකච්ඡාවක්. ඉදිරිපත් කරන ප්රකාශනවල ඇති ප්‍රධාන කරුණු කිහිපයක් සලකා බලා එය ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ නිරූපණයක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න.
විනා. 20: “ඔවුන්ට ළං වන්න ඔබටත් හැකිද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. කලින් දෙවිට නමස්කාර නොකළ ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. සත්‍යය පිළිබඳ උනන්දුවක් ඇති කිරීමට සභාවේ අය උපකාර කළේ කොහොමද?