සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්තෝබර් 1
“මිනිසුන් විඳින දුක් වේදනා ගැන දෙවියන්ට කිසිම හැඟීමක් නැහැ කියලා සමහරු හිතනවා. ඒ ගැන ඔබ හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු ගීතාවලිය 34:18 කියවන්න.] මේ සඟරාවේ 19වන පිටුවේ තියෙන ලිපියේ කතා කරනවා, අප තුළ ඇති වන වරදසහගත හැඟීම්, අධික ශෝකය, සහ තමන් වටින්නේ නැහැ කියලා සිතීම වගේ හානිකර සිතුවිලි මඟහරවා ගන්න දෙවි අපිට උපකාර කරන්නේ කොහොමද කියලා.”
පිබිදෙව්! ඔක්තෝබර්
“දෙවියන් පුද්ගලයෙක් නෙමෙයි, නිකම්ම බලවේගයක් කියලා සමහරු හිතනවා. නමුත් දෙවිහැඟීම් දැනීම් තියෙන පුද්ගලයෙක් කියලා විශ්වාස කරන අයත් ඉන්නවා. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නෙ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ තියෙන මේ අදහස බලන්න. [1 පේතෘස් 5:6, 7 කියවන්න.] මේ සඟරාවේ 29වන පිටුවේ තියෙන දෙවි සැබෑ පුද්ගලයෙක්ද යන ලිපියේ ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා.”
මුරටැඹ නොවැම්බර් 1
“අපි හැමෝම කැමති සෑහීමට පත්වෙන්න. සල්ලි තිබුණොත් කෙනෙක් සෑහීමට පත් වෙයි කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හිඟකම් තිබුණත් සෑහීමට පත් වෙන්නේ කොහොමද කියලා එක බයිබල් ලේඛකයෙක් මෙහෙම සඳහන් කළා. [ෆිලිප්පි 4:11, 12 කියවන්න.] සෑහීමට පත් වීම සඳහා බයිබලයේ සඳහන් කරුණු පහක් ගැන මේ සඟරාවේ කතා කරනවා.”
පිබිදෙව්! නොවැම්බර්
“දෙවිගේ නාමයෙන් බොහෝ දුෂ්ට දේවල් කරලා තියෙනවා කියලා සමහර අදේවවාදීන් කියනවා. ඒ නිසා ආගම් නැත්නම් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් වෙයි කියලයි ඔවුන් කියන්නේ. ඒ ගැන ඔබ මොකක්ද හිතන්නෙ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අසත්‍යය උගන්වන ආගම් අද පවතින දුෂ්ට දේවලට වග කියන්න ඕන එක හේතුවක් ගැන මං ඔයාට පෙන්වන්නම්. [2 තිමෝති 4:3, 4 කියවන්න.] අදේවවාදීන් කියන දේ තර්කානුකූල නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් කරුණු කිහිපයක් මේ සඟරාවේ තියෙනවා.”