සැප්තැම්බර් 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 27න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 7වන පරි. 20-28 ඡේ.
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 23-25
අංක 1: 2 රාජාවලිය 23:1-7
අංක 2: නිරය, අපාය: මරණයෙන් පසු වධ වේදනා නොලැබේ (15අ බයිබල් විෂයන්)
අංක 3: ආලෝකය විහිදුවන්න සැබෑ ක්‍රිස්තියානීන්ට හැකි ක්‍රම මොනවාද? (මතෙ. 5:14-16)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ඔක්තෝබර් මාසයේදී සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල අඩංගු තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කර පෙන්වන්න.
විනා. 10: “අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔබටත් හැකියි!”—1වන කොටස. 1-8 දක්වා ඡේද මත පදනම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. යෝජනාවක් හෝ දෙකක් නිරූපණය කරන්න.
විනා. 10: “ඔක්තෝබර් මාසයේදී බයිබල් පාඩමක් පටන්ගන්න ඔබට හැකිද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. නිරූපණයක් හෝ දෙකක් ඇතුළත් කරන්න.