සැප්තැම්බර් 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 20න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 7වන පරි. 10-19 ඡේ. සහ 93වන පිටුවේ කොටුව
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 19-22
අංක 1: 2 රාජාවලිය 20:1-11
අංක 2: මෘදු ගුණැති අය වීම අවශ්‍ය ඇයි? (මතෙ. 5:5)
අංක 3: නැවත නැඟිටීම: නැවත නැඟිටීම, ස්වර්ගයේ හෝ පෙළොවේ (14ආ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: පසුගිය වසරේ අප කළ සේවය. සේවා සංවිධායක ඉදිරිපත් කරන කතාවක්. පසුගිය සේවා වසරේ දේවසේවයේදී ඉටු කළ යහපත් දේවල් ගැන පවසා සභාවට ප්‍රශංසා කරන්න. තමන් ලද විශේෂ අද්දැකීම්වලින් ලැබූ ප්‍රීතිය ගැන පැවසීමට ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. නව සේවා වසරේදී දියුණු කරගත හැකි පැති එකක් හෝ දෙකක් පෙන්වා දී ඒ සඳහා ප්‍රායෝගික යෝජනා ලබා දෙන්න.
විනා. 10: “සේවා රැස්වීමේ කොටස් මෙහෙවීම සම්බන්ධ උපදෙස්.” වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: ඔබේ දරුවාට ප්‍රචාරකයෙක් වීමට උපකාර කරන්න. වර්ෂ 2006 නොවැම්බර් රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ (od 82 පි.) ඇති “දරුවන්ට උපකාර කිරීම” යන කොටස මත පදනම් සාකච්ඡාවක්. බාල වයසේ පසුවන බව්තීස්ම නොලත් දරුවෙක් සිටින ආදර්ශවත් මවක් හෝ පියෙක් සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ප්‍රචාරකයෙක් වීමට දරුවාට උපකාර කළේ කොහොමද කියා අසන්න.