නිවේදන
◼ අගෝස්තු: සභාවේ ගොඩගැසී තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? වැනි මාසිකව පළ නොවන ඕනෑම සඟරාවක් ඉදිරිපත් කරන්න. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. පළමු හමු වීමේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුවක් දක්වන පුද්ගලයෙක් හමු වූ විට ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව දෙන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක සේවය කරන විට පරණ සඟරා සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති සඟරාවත් ඉදිරිපත් කළ හැකියි. නොවැම්බර්: බයිබලය එහි පණිවිඩය කුමක්ද? නමැති සඟරාව ඉදිරිපත් කරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත ඉදිරිපත් කරන්න. දරුවන් සිටිනවා නම් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත ඉදිරිපත් කළ හැකියි.
◼ සැප්තැම්බර් මාසයේ සිට චාරිකා සේවක විසින් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව “වැදගැම්මකට නැති දේවලින් ඔබේ ඇස් ඉවතට ගන්න” යන්නයි.