පෙබරවාරි 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 8න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 11-14
අංක 1: විනිශ්චයකරුවෝ 13:1-14
අංක 2: ලූක් 16:9-13හි සඳහන් යේසුස්ගේ වදන්වලින් ඉගෙනගත හැක්කේ කුමක්ද?
අංක 3: ආගම: බොරු ඉගැන්වීම්වලට කිසි තැනක් නැත (3ආ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 172
විනා. 5: නිවේදන.
විනා. 10: නිවාඩු දින ගැන අසන ප්රශ්නවලට පිළිතුරු දීම. බයිබලයේ ඉගැන්වීම් පොතේ 154-163 සහ 222-223 දක්වා පිටු මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්. ඔබේ ප්රදේශයේ සිටින අය පවත්වන්නේ මොන වගේ උත්සව දිනද? යම් නිවාඩු දිනයක් ගැන සාක්ෂි දැරිය හැක්කේ කොයි වගේ අවස්ථාවලදීද? [ඔබේ ප්රදේශයේ බොහෝදෙනා පවත්වන නිවාඩු දිනයක්] පවත්වන්නේ නැත්තේ ඇයි කියා දරුවෙකුගෙන් අසන ප්රශ්නයකට පිළිතුරු දීමට දෙමාපියෙක් එම දරුවාව පුහුණු කරන ආකාරය නිරූපණයකින් පෙන්වන්න.
විනා. 20: “ලොව පුරා බෙදාහැරීමට සිහි කිරීමේ ආරාධනා පත්ර!” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙවෙනි ඡේදය සාකච්ඡා කරන්න කලින් සභාවේ තිබෙනවා නම් හැමෝටම ආරාධනා පත්රයක් දෙන්න. එහි අඩංගු තොරතුරු වෙත අවධානය යොමු කරවන්න. දෙවෙනි ඡේදය සාකච්ඡා කළ පසු ආරාධනා පත්රයක් දෙන ආකාරය ප්රචාරකයෙකු ලවා නිරූපණය කරවන්න. සිහි කිරීමේ ආරාධනා පත්ර බෙදාහැරීමට යොදා තිබෙන සැලසුම් ගැන පැහැදිලි කිරීමට සේවා අවේක්ෂකව හෝ වෙනත් වැඩිමහල්ලෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.