නිවේදන
◼ දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. දරුවන් සිටිනවා නම් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න.පෙබරවාරි: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද හෝ පවුලේ සන්තෝෂයට රහස. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. මෙම පොත දීමට හැකි වුණොත් හෝ දැනටමත් මේ පොත නිවසක ඇත්නම් හෝ බයිබල් පාඩමක් පටන්ගැනීමට ප්‍රචාරකයන් අවධානයෙන් සිටිය යුතුයි. අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් රැස්වීමකට පැමිණි අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත දෙන්න. වෑයම් කළ යුත්තේ පාඩමක් පටන්ගැනීමටයි.
◼ වර්ෂ 2011 සිහි කිරීම පැවැත්වෙන්නේ අප්‍රියෙල් 17වන ඉරිදායි. කලින්ම මෙය දන්වන්නේ සභා කීපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරනවා නම් සිහි කිරීම සඳහා වෙනත් ශාලා වෙන් කරවාගත යුතු නිසයි.