පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2009 ඔක්තෝබර් 26න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පැසැලේදී සලකා බලයි.
1. බාලාක් එවූ පුරුෂයන් සමඟ යන්න කියා බාලාම්ට පැවසුවේ යෙහෝවා දෙවිමයි. නමුත් ඔහු එසේ ගිය විට දෙවිගේ උදහස ඔහුට විරුද්ධව ඇවිළුණේ ඇයි? (ගණන්. 22:20-22) [w04 8/1 27 පි. 2 ඡේ.]
2. යෙහෝවා දෙවිට විරුද්ධව කළ ද්‍රෝහිකම් පිනෙහාස් කොහෙත්ම ඉවසුවේ නැහැ. ඒ හා සමානව අපත් දෙවිට කැප වී සිටින බව පෙන්විය හැක්කේ කෙසේද? (ගණන්. 25:11) [w95 3/1 16 පි. 13 ඡේ.]
3. මෝසෙස්ට පසුව යොෂුවාව තෝරාගත්තේ ඇයි? (ගණන්. 27:15-19) [w02 12/1 12 පි. 1 ඡේ.]
4. ගණන් කතාව 31:27 අපිට දිරිගැන්වීමක් වන්නේ කෙසේද? [w05 3/15 24 පි.]
5. ආරක්ෂිත නුවරවල් පිහිටුවීමේ සැලැස්ම ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රයෝජනවත් වුණේ කෙසේද? (ගණන්. 35:11, 12) [w95 11/15 14 පි. 17 ඡේ.]
6. බුද්ධිමත් කෙනෙක් වීම වැදගත් වෙන්නේ ඇයි? ඉන් ලැබෙන ප්‍රතිඵල මොනවාද? (ද්වි. 1:13) [w03 1/15 30 පි.; w00 10/1 32 පි. 1-3 ඡේ.]
7. මෝසෙස්ට දුන් නීතිය මගින් දෙවි ධර්මිෂ්ඨ බව ඔප්පු වුණේ කිනම් ආකාරවලින්ද? (ද්වි. 4:8) [w02 6/1 14 පි. 8 ඡේ.–15 පි. 9-10 ඡේ.]
8. ද්විතීය කතාව 6:16-19ට එකඟව යෙහෝවා දෙවිව පරීක්ෂා කිරීමට සුදුසු හා නුසුදුසු ක්‍රමය පැහැදිලි කරන්න. [w04 9/15 26 පි. 6 ඡේ.]
9. යෙහෝවා දෙවිගේ මුඛයෙන් නික්මෙන වචනවලින් ඊශ්‍රායෙල්වරුන්ගේ අවශ්‍යතා සපුරනු ලැබුවේ කෙසේද? අපටත් එවැනි ආශීර්වාද ලැබෙන්නේ කෙසේද? (ද්වි. 8:3) [w99 8/15 25-26 පි.]
10. ද්විතීය කතාව 12:16, 24ට අනුව වෛද්‍ය ප්‍රතිකාරයක් වශයෙන් තමන්ගේම රුධිරය භාවිත කිරීම සුදුසුද? [w00 10/15 30 පි. 7 ඡේ.]