නිවේදන
◼ සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් කරන ආකාරය පෙන්වන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුවක් දක්වයි නම් ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද නමැති පත්‍රිකාව ඉදිරිපත් කර එහි තොරතුරු සාකච්ඡා කරන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිතරම සේවයේ යෙදෙන්නේ නැති ප්‍රදේශවල සේවය කරන විට සඟරා සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාවත් ඉදිරිපත් කරන්න. නොවැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාව ඉදිරිපත් කරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. දරුවන් සිටිනවා නම් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න.
◼ වර්ෂ 2010 සිහි කිරීමේ සමයේදී ඉදිරිපත් කෙරෙන විශේෂ ප්‍රසිද්ධ කථාව 2010 අප්‍රියෙල් 12වෙනිදායින් පටන්ගන්නා සතිය තුළ පැවැත්වෙයි. තේමාව පසුව දැනුම් දෙනු ලැබේ. එම සති අන්තයේදී චාරිකා අවේක්ෂක පැමිණෙන හෝ එක්රැස්වීමක් තිබෙන සභාවන්වල මෙම විශේෂ කතාව දෙනු ලබන්නේ ඊළඟ සතියේදීයි. කිසිම සභාවක් අප්‍රියෙල් 12වෙනිදාට පෙර මෙම කතාව ඉදිරිපත් නොකළ යුතුයි.