අගෝස්තු 17න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 225
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 10-13
අංක 1: ගණන් කතාව 13:17-33
අංක 2: අපිට දැනෙන භයෙන් ගොඩ ඒමට උපකාර (lr 30 පරි.)
අංක 3: යක්ෂයා, භූතයෝ: භූතයෝ යනු කැරලිකාර දේවදූතයෝය (29ඇ, බයිබලයේ 1698 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 36
විනා. 5: නිවේදන.
විනා. 15: ගෙයින් ගෙට දේශනා කිරීම. වර්ෂ 2007 ජනවාරි රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ 3වන ඡේදය සිට 4වන පිටුවේ 2වන ඡේදය දක්වා සබය සමඟ කරන සාකච්ඡාවක්. සෞඛ්‍ය ගැටලු හෝ ලජ්ජාශීලීකම වැනි බාධක තිබුණත් ගෙයින් ගෙට සේවයේ යෙදෙන ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන්ගේ වෑයමට ප්‍රතිඵල ලැබී තිබෙන්නේ කෙසේද?
විනා. 15: “දරුවෙනි, සාක්ෂි දැරීමට පාසැල කදිම තැනක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. පාසැලේදී සාර්ථක ලෙස සාක්ෂි දරා ඇති යෞවනයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. එසේ කිරීමට ඔවුන්ට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද? අද්දැකීමක් පැවසීමට ආරාධනා කරන්න.
ගීතිකා අංක 221