සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අප්‍රියෙල් 1
“සමහරු හිතන්නේ හැම දෙයක්ම වෙන්නේ දෛවයට අනුව කියලයි. අපේ ජීවිතය ගැන තීරණයක් ගන්න ඕනෙ අපිමයි කියල හිතන අයත් ඉන්නවා. ඔබ ඒ ගැන මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මම ආසයි මෙහෙම දෙයක් පෙන්වන්න. [ඉන්පසු දේශනාකාරයා 9:11 කියවන්න.] ‘සෑම දෙයක්ම සිදු වන්නේ දෛවයට අනුවද’” කියන ප්‍රශ්නයට බයිබලයේ තිබෙන පිළිතුර මේ ලිපියේ පැහැදිලි කරනවා. සඟරාවේ 26වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! අප්‍රියෙල්
“එකිනෙකාට විශ්වාසවන්තව නොසිටින නිසා බොහෝ විවාහයන් දික්කසාදයෙන් කෙළවර වෙනවා. විවාහය දෙකඩ නොවෙන්න මේ දේ උපකාරවත් වෙයිද? [මතෙව් 5:28 කියවන්න. ඉන්පසු ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙදෙනා අතර අවිශ්වාසයක් ඇති කර නොගන්න උපකාර වෙන බයිබල් පද කීපයක් මේ ලිපියේ තියෙනවා.” විසිඅටවෙනි පිටුවෙන් පටන්ගන්න ලිපිය පෙන්වන්න.
මුරටැඹ මැයි 1
“සමහරවිට කෙනෙක්ට දෙවිව විශ්වාස කරන්න අමාරු වෙන්නේ ඇයි? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු හෙබ්‍රෙව් 11:6 කියවන්න.] මේ බයිබල් පදයේ කියන විදිහට දෙවිව විශ්වාස කරන්න ඕන. අපේ විශ්වාසය වැඩි කරගන්න පුළුවන් ක්‍රම හතරක් ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි
“වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත් පවා දැන් හුඟදෙනෙක් අනිසි විදිහට පාවිච්චි කරනවා. ඔබ හිතන විදිහට ඒකට හේතුව මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ මේ වගේ හේතුවක් පෙන්වනවා. දරුවන්ටත් මේක අදාළයි. [හිතෝපදේශ 13:20 කියවන්න.] ඔබවත් ඔබේ පවුලේ අයවත් ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ පෙන්වලා දෙනවා.”